චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං වේලාවෙන් හෙට (31) සවස 7ට, චීන මාධ්‍ය සමූහය හා අන්තර්ජාලය මගින්, 2025 අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කරනු ඇත.
චීන මාධ්‍ය සමූහයට අයත් CCTV-1 නාලිකාව, ප්‍රවෘත්ති නාලිකාව, චීන භාෂා ජාත්‍යන්තර නාලිකාව, 4K නාලිකාව, CGTNහි සියලුම විදේශ භාෂා නාලිකා, චීන ජාතික ගුවන් විදුලිය(CNR), චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය(CRI) මෙන්ම, People’s Daily පුවත්පත, Xinhua පුවත් ඒජන්සිය, සහ CCTV පුවත් සේවය ඇතුළු ප්‍රධාන මාධ්‍යවලට අයත් වෙබ් අඩවි හා නව මාධ්‍ය වේදිකා හරහා, ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය නියමිත වේලාවට විකාශය කෙරෙනු ඇත.

More Stories
චීනය සහ මැලේසියාව පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ උපායමාර්ගික ප්‍රජාවක් ගොඩනැගීමට එකඟත්වය පළ කරයි
බාහිර කම්පන හමුවේ ආකර්ෂණීය ශක්තිමත් ගමනක නිරත චීන ආර්ථිකය
ඇමරිකාව චීනයට අසාමාන්‍ය ඉහළ තීරුබදු යළි යළිත් පැනවීම අංක ගණිතමය ක්‍රීඩාවක් බවට පත් කර ගෙන ඇත–චීන විදේශ අමාත්‍යංශය