2025 නව වසර පිළිගැනීම වෙනුවෙන් පැවති විශේෂ ඔපෙරා සංදර්ශනයක් බෙයිජිං නුවර දී

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}

2025 නව වසර පිළිගැනීම වෙනුවෙන් පැවති විශේෂ ඔපෙරා රාත්‍රි සංදර්ශනය ඊයේ (30) බෙයිජිං නුවර ජාතික මහ රඟහලේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං,  අගමැති Li Qiang සහ  Zhao Leji යන මහත්වරුන් ඇතුළු චීන කොම්යුනිස්ට් පක්ෂයේ සහ රජයේ නායකයෝ නව වසර පිළිගැනීම සඳහා අගනුවර විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් සමග එක්ව ප්‍රසංගය නැරඹූහ.

මෙම සියලු අමුත්තන්ගේ සහභාගීත්ව‍යෙන් චීන ජාතික රඟහල උත්කර්ශවත් විය. ෂී ජින් පිං මහතා ඇතුළු පක්ෂ සහ රාජ්‍ය නායකයෝ එහිදී පැමිණ සිටි කලාකරුවන් සමග සුහද ව අදහස් හුවමාරු කරමින් එකිනෙකාට ආචාර කළහ.

මෙම රාත්‍රි සංදර්ශනය, Peking ඔපෙරා සහ අනෙකුත් ඔපෙරාවලින් වර්ණවත් වූ අතර, සම්භාව්‍ය නාට්‍ය සහ විවිධ ආවේණික ලක්ෂණ සමග නව නිර්මාණ අංග ද ඉදිරිපත් කෙරුණි. චීන ඔපෙරාවේ විචිත්‍රවත් සහ සමෘද්ධිමත් දර්ශනය නිරූපනය කරමින්, එක්ව සිහින හඹා යාමේ ජයග්‍රාහී ගීතය ද එහිදී ගායනා කළහ.

කලාකරුවන්ගේ විශිෂ්ට රංගනය ප්‍රේක්ෂකයන්ගෙන් ඔල්වරසන් හඬ සහ උණුසුම් අත්පොලසන් හඬ දිනා ගත්තේය. චීනයේ සාහිත්‍ය හා කලා ශිල්පීන් ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික චින්තනයේ මඟ පෙන්වීමට අනුව යමින්, නව යුගයේ සාහිත්‍යයේ සහ කලාවේ සමෘද්ධිය සහ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන බවත්, බලගතු සමාජවාදී සංස්කෘතික පරිසරියකින් යුත් රටක් ගොඩනැගීමේ මෙහෙවර සඳහා කැපවී සිටින බවත් එම රාත්‍රි සංදර්ශනයෙන් මනාව පෙන්නුම් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com