සංවර්ධනය වෙමින් පවතින දැවැන්ත රටක් මෙන්ම ගෝලීය දකුණේ වැදගත් බලවේගයක් ද වන ඉන්දුනීසියාව, BRICS + සහයෝගීතාව සමඟින් සක්‍රිය ලෙස එක්ව තිබේ.
ඒ අනුව ඉන්දුනීසියාව BRICS හි නිල සාමාජික රටක් බවට පත් වීම චීනය සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා ඊයේ (06) නිල වශයෙන් පැවසීය.
එලෙස BRICS සමඟින් ඉන්දුනීසියාව එක් වීම BRICS රටවල් හා ගෝලීය දකුණේ රටවල පොදු ප්‍රතිලාභ සඳහා වඩා යෝග්‍ය බවත්, ඉන් BRICS ක්‍රියාකාරීත්වයේ සංවර්ධනයට මනා දායකත්වයක් වන බවත් හෙතෙම පෙන්වා දී ඇත.
එබැවින් ඉන්දුනීසියාව සහ සෙසු BRICS රටවල් සමඟ වඩාත් විස්තීරණ බව, සමීප බව, ප්‍රායෝගික බව මෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩ නැඟීම ප්‍රවර්ධනයට දැවැන්ත දායකත්වයක් දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි