චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ සිදුවූ ප්‍රබල භූකම්පා ආපදා තත්ත්වය සම්බන්ධව චීන ජනපතිගෙන් වැදගත් උපදෙස්

බෙයිජිං වේලාවෙන් අද(7) පෙරවරු 9:05ට චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ රිච්ටර් මාපකාංක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදු විය. ඉන් බරපතල ජීවිත හානි සිදු වූ අතර නිවාස විශාල සංඛ්‍යාවක් කඩා වැටී ඇත. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා මෙම විපත සිදු වූ සැණින් ඒ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් වැදගත් උපදෙස් ලබා දී තිබේ.

සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් සෙවීමට සෑම උත්සාහයක්ම ගත යුතු අතර, තුවාල ලැබූවන්ට පූර්ණ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ යුතු බවත් ජීවිත හානි සිදු වීම අවම කිරීමට උපරිමයෙන් උත්සාහ කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. මේ අතර පශ්චාත් ආපදා වළක්වමින් විපතට පත් ජනතාව නිසි ලෙස ස්ථානගත කරන අතර පශ්චාත් කටයුතු මනා ලෙස සිදු කළ යුතු බව ද ඔහු සඳහන් කර ඇත. 

භූමිකම්පා තත්ත්ව නිරීක්ෂණය සහ පූර්ව අනතුරු ඇඟවීම් ශක්තිමත් කරමින් හදිසි සහන භාණ්ඩ කාලෝචිත ලෙස වෙන් කරමින් හානි වූ යටිතල පහසුකම් කඩිනමින් අලුත්වැඩියා කිරීමට අවධානය යොමු කළ යුතුය. එසේම ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින්, ආරක්ෂිත සහ උණුසුම් ශීත කාලයක් සහතික කිරීමට ක්‍රියා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය Li Qiang මහතා උපදෙස් දෙමින් කියා සිටියේ විපත් සහ තුවාල ලැබූවන්ගේ තත්ත්වය නිසි ලෙස නිරීක්ෂණය කරමින් ආපදා හා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා උපරිම ශක්තිය යෙදවිය යුතු බවයි.

ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ වැදගත් උපදෙස් සහ Li Qiang අග්‍රාමාත්‍යරයාගේ ඉල්ලීමට අනුව, ගලවා ගැනීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අගමැති Zhang Guoqing මහතා සහ අදාළ අංශවල ප්‍රධානීන් විපතට පත් ප්‍රදේශය වෙත ගොස් ඇත.

රාජ්‍ය මණ්ඩලයේ භූමිකම්පා සහන උපදෙස් මධ්‍යස්ථාන කාර්යාලය හා එහි හදිසි කළමනාකරණ අංශය විසින් ‘තුන්වන මට්ටමේ ජාතික භූමිකම්පා සම්බන්ධ හදිසි ප්‍රතිචාරය’ නිකුත් කර ඇත. හදිසි ගලවාගැනීම් සහ ආපදා සහන කටයුතු මෙන්ම විපතට පත් ජනතාව නිසි ලෙස ස්ථානගත කිරීම සඳහා Xizang ස්වායත්තය සිය සම්පූර්ණ ශක්තියෙන් සංවිධාන කර කටයුතු කරමින් ඇත. භූමිකම්පා සහන කටයුතු දැඩිව හා ක්‍රමවත්ව සිදු කෙරෙමින් පවතී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com