යුද ගැටුම් සහ දේශපාලන අස්ථාවර බව හේතුවෙන් සිරියාවේ තත්ත්වය තීරණාත්මක අවධියක පවතින බැවින් භයානක අභියෝගවලට මුහුණ දෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා පවසයි. සිරියානු ප්රශ්නය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රසිද්ධ රැස්වීමේදී ඊයේ (8) හෙතෙම මේ බව පැවසීය. එබැවින් මෙම අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව එක්ව සිරියාව ශක්තිමත් කිරීම සඳහා ගත යුතු පියවරයන් සම්බන්ධීකරණය කළ යුතු බවත්,ඒ ඔස්සේ සිරියාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ළඟා කර ගැනීමට සහය දිය යුතු බවත් ඔහු පැවසීය.
සිරියාව ලොව බරපතලම මානුෂීය තත්වයක් ඇති රටවලින් එකක් බවත්, දිගුකාලීන නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක සිරියානු ජනතාවගේ දුක්ඛිත තත්ත්වය තවත් උග්‍ර කර ඇති බවත් Fu Cong මහතා පැවසීය. මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර ප්‍රජාව සිරියාවට ලබාදෙන ආධාර වැඩි කළ යුතු බව ඔහු පැවසීය. එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධීකරණ කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් මානුෂීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා පවසයි.
චීනය දිගු කලක් තිස්සේ සිරියාව සමඟ මිත්‍රශීලී සහයෝගීතා ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් කිසි විටෙකත් සිරියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවූ බවත් Fu Cong මහතා නැවත අවධාරණය කළේය. සිරියාව සුමට රාජ්යබල විපර්යාසය සාක්ෂාත් කර ගැනීම සහ ක්‍රමයෙන් සාමකාමී සංවර්ධන මාවතට පිවිසීම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි