2024 දී චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාර පරිමාව අයිතම බිලියන 174.5 ක්

2024 වසරේ චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාර පරිමාව අයිතම බිලියන 174.5 ක් වූ අතර එය 2023 වසරට සාපේක්ෂව 21% ක වැඩිවීමක් බව චීන තැපැල් කාර්යාංශය ප්‍රකාශ කරයි.

ඊයේ (8) එම කාර්යාංශය නිකුත් කළ දත්තවලට අනුව, 2024 වසරේ දී මෙම ව්‍යාපාරයෙන් ලද ආදායම චීන යුවාන් ට්‍රිලියන 1.4 ක් වූ අතර,  එය 13% කින් වර්ධනය වීමකි.

එම ව්‍යාපාර සම්බන්ධ දේශීය වෙළඳපොළේ වේගවත් සංවර්ධනයක් දැක ගත හැකි අතර, ඒ ආශ්‍රිත ජාත්‍යන්තර වෙළඳපොළ ද 2024 වසරේ තවදුරටත් දියුණු වී ඇත. පසුගිය වසරේ චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදාහැරීමේ සමාගම් විදේශීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන 297 ක් සහ විදේශීය ගබඩා 333 ක් ස්ථාපිත කර තිබිණ. එමෙන්ම චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය තැපැල් මාර්ග 16 ක් සහ මුහුදු තැපැල් මාර්ග 25 ක් ද විවෘත කර ඇත.

එම වේගවත් වර්ධනය බිහි වූයේ ඊ-වාණිජ්‍ය කර්මාන්ත‍යේ සංවර්ධනයෙන් පමණක් නොව, කෘත්‍රිම බුද්ධි තාක්ෂණික මෙවලම් පුළුල් ලෙස යෙදීමෙන් සහ යටිතල පහසුකම් වැඩිදියුණු වීමෙනි. 2025 දී එම කර්මාන්තය ස්ථාවරව ඉහළ යාමේ ප්‍රවණතාවක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com