ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(14) උදෑසන චීනයේ බෙයිජිං අගනුවරට ළඟා විය. ඒ සිය සිව්දින චීන නිල සංචාරය අරඹමිනි.

ශ්‍රී ලංකා ජනාධිපති ධුරයට තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සංචාරය දෙරටේ සබඳතා සංවර්ධනයට ඉතා වැදගත් වනු ඇත. මෙම සංචාරය තුළදී අනුර කුමාර දිසානායක මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙන්ම චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා ද වෙන් වෙන් වශයෙන් හමුවීමට නියමිත ය.

අනුර කුමාර දිසානායක මහතාගේ මෙම සංචාරය මගින් ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික මිතුදම හා දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කර ඉදිරියට ගෙන යාමටත් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමටත් චීනය කැමැත්තෙන් සිටී.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com