චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(20) චීන මහජන මහ ශාලාවේදී විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ, චීන ජාතික කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ප්‍රධානීන් හා නිර්පාක්ෂික ප්‍රකට පුද්ගලයන් ගේ සහභාගීත්වයෙන් පැවැති එළඹෙන චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවට එක්විය. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ෂී ජින්පිං මහතා සියළු ‍දෙනාට සුභපැතුම් පිරිනැමීය.

ප්‍රජාතාන්ත්‍රික පක්ෂ, චීන ජාතික කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ප්‍රධානීන් හා නිර්පාක්ෂික ප්‍රකට පුද්ගලයන් නියෝජනය කරමින් චීන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවර්ධන සංගමයේ සභාපති Cai Dafeng මහතා එහිදී දේශනයක් සිදු කර තිබේ. හෙතෙම ප්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානත්වය යටතේ නව වසරේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ, චීන ජාතික කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ප්‍රධානීන් හා නිර්පාක්ෂික ප්‍රකට පුද්ගලයන් එක්ව ප්‍රබල රටක් ගොඩනගමින් ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කළ යුතු බවයි.

2024 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වයෙන් චීනය සාර්ථක ලෙස ප්‍රධාන ආර්ථික හා සාමාජීය සංවර්ධන ඉලක්ක සපුරා ගෙන ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. එම මධ්‍යම කාරක සභාවේ තීරණ හා ඒවා ක්‍රියාවට නැංවීම වෙනුවෙන් විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ, නිර්පාක්ෂික ප්‍රකට පුද්ගලයන් සක්‍රිය ‍දායකත්වයක් ලබා දී තිබේ.

මේ අතර විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ, චීන ජාතික කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ප්‍රධානීන් හා නිර්පාක්ෂික ප්‍රකට පුද්ගලයන් පිළිබඳ ෂී ජින්පිං මහතා සිය අපේක්ෂා ඉදිරිපත් කළේය. නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී චින්තනය අධ්‍යයනය කරමින් ඔවුන් ජනතාවගේ විශ්වාසය ශක්තිමත් කරනු ඇති බව ෂී ජින්පිං මහතා විශ්වාසය පළ කළේය. චීන රජයේ ප්‍රධාන කාර්යයන් වෙත අවධානය යොමු කරමින් ප්‍රධාන ක්ෂේත්‍ර වෙත ප්‍රජාතාන්ත්‍රික අධික්ෂණ සිදු කරමින් සංවර්ධනය වෙනුවෙන් සක්‍රිය ලෙස උපදෙස් ලබා දිය යුතු ය. එමෙන්ම මුල් අභිලාෂය හා මෙහෙවර දැඩිව සිත්හී තබා ගනිමින් යහපත් දේශපාලන පරිසරය තහවුරු කරනු ඇති බවට ද ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com