චීනයේ Harbin නගරයේ පැවැත්වෙන 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වන විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම වෙනුවෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා හා පෙං ලීයුවාන් ආර්යාවගේ ප්‍රධානත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් අද(7) Harbin නගරයේදී පිරිනැමේ.
චීනයේ Harbin නගරයේ පැවැත්වෙන 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වන විදේශීය රාජ්‍ය නායකයන් පිළිගැනීම වෙනුවෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා හා පෙං ලීයුවාන් ආර්යාවගේ ප්‍රධානත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් අද(7) Harbin නගරයේදී පැවැත්විණ.
බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයා වන Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා, කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා හා ආර්යාව, පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා, තායිලන්ත අගමැතිනි Paetongtarn Shinawatra මහත්මිය, දකුණු කොරියාවේ කතානායක Woo Won-shik මහතා හා ආර්යාව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා හා ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ප්‍රධාන උප සභාපති Timothy Tsun-Ting Fok මහතා එම සංග්‍රහයට සහභාගි වූහ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී දේශනයක් සිදු කරමින් චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වන විදේශීය රාජ්‍ය නායකයන් හා ආරාධිතයන් සාදරයෙන් පිළිගත්තේය. ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා විවිධ රටවල නියෝජිත කණ්ඩායම්වල පොදු උත්සාහය යටතේ චීන හා ආසියානු ලක්ෂණයන්ගෙන් යුත් අසිරිමත් ක්‍රීඩා උළෙලක අත්දැකීමක් මෙවර ලෝකයට සමීප කරනු ඇතැයි ෂී ජින්පිං මහතා කියා සිටියේය.
ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරය(Dream of Winter, Love among Asia) මෙවර ශීත ඍතු ක්‍රීඩා උළෙලේ තේමාවයි. සාමය, සංවර්ධනය හා මිතුදම වෙත ආසියානු වැසියන්ගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරේ. එම පොදු අපේක්ෂාව සාක්ෂාත් කරමින් මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය වෙනුවෙන් වඩාත් විශාල දායකත්වය දැරිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
More Stories
සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා චීනය හා අසල්වැසි රටවල් එක්ව පියවර ගනී
ලතින් ඇමරිකානු රටවල සංචාරයේදී චීනය පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රතිචාර
වෙළඳ බාධා කිරීම්වලට එරෙහිව චීනයෙන් දැඩි පියවර