9 වන ආසියානු ශීත ඍතු ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද(7) රාත්රීයේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී පැවැත්වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්රධානත්වයෙන්.
එහිදී චීන ජනාධිපතිවරයා 9 වන ආසියානු ශීත ඍතු ක්රීඩා උළෙල ඇරඹීමේ නිල ප්රකාශය සිදු කළා. මෙවර ක්රීඩා උළෙලේ තේමාව ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරයයි. සාමය, සංවර්ධනය හා මිත්රත්වය කෙරෙහි ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරෙනවා.
ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා විවිධ රටවල නියෝජිත කණ්ඩායම්වල පොදු උත්සාහය යටතේ චීන හා ආසියානු ලක්ෂණයන්ගෙන් යුත් අසිරිමත් ක්රීඩා උළෙලක අත්දැකීමක් ලෝකයට සමීප කරමිනුයි මෙවර ආසියානු ශීත ඍතු ක්රීඩා උළෙල අතිඋත්කර්ශවත් ලෙස ආරම්භ වුණේ.
![](https://www.lankaplusnews.com/wp-content/uploads/2025/02/7a6c6732a45e4c81889e35874ba52972.png)
![](https://www.lankaplusnews.com/wp-content/uploads/2025/02/8c1b99a73b4e4413844d02aa2eadf3d1.png)
![](https://www.lankaplusnews.com/wp-content/uploads/2025/02/190db45725ac454ca887a4df4fbd530d.png)
![](https://www.lankaplusnews.com/wp-content/uploads/2025/02/7317e7479164415898f9d9318c945c7b.png)
![](https://www.lankaplusnews.com/wp-content/uploads/2025/02/6y3s3iGCk6lFsyss.png)
More Stories
වෙළඳපොලේ කීර්තියට හානි කළ ඇමරිකාවේ සමාගම් දෙකකට එරෙහිව චීනයෙන් නීතිමය පියවර
චීන වසන්ත උත්සවයේ සුබ පැතුම් සමස්ත ලෝකයටම ගෙන එමින් රාත්රී ප්රසංගය අතිසාර්ථකව විකාශය කෙරේ
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල