9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (7) රාත්‍රියේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී ඇරඹිණ. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඊයේ (7) රාත්‍රීයේ 19:58 ට, ෂී ජින් පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා, ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ පළමු උප සභාපති Timothy Fok මහතා සහ අනෙකුත් අමුත්තන් සමඟ වේදිකාවට පිවිසියහ. Harbin ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ සභාපතිනිය සහ Heilongjiang පළාතේ ආණ්ඩුකාර Liang Huiling මහත්මිය විසින් සංවිධායක කමිටුව සහ Heilongjiang හි මිලියන 30 කට අධික ජනතාව වෙනුවෙන් ආසියාවේ විවිධ රටවල් සහ කලාපවලින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම් ලෙස පිළිගැණින. 20:51 ට, ජනාධිපති ෂී ජින් පිං මහතා Harbin හි 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම නිවේදනය කළේය. ඒ අවස්ථාවට සමස්ථ ප්‍රේක්ෂකාගාරයෙන් ඉහළ උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය. 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ ප්‍රධාන පන්දම් දැල්වීමේ උත්සවය රාත්‍රී 21:24 ට පැවැත්විණ. සමාරම්භක උත්සවයේ දී ඉදිරිපත් කළ සංස්කෘතික සංදර්ශනයට නරඹන්නන්ගෙන් හිමිවූයේ ඉහළ ප්‍රසාදයකි. අවසානයේ ප්‍රේක්ෂකයින් එක්ව “Light up Asia” තේමා ගීතය ගායනා කළ අතර, උත්සව භූමියේ ප්‍රීතිමත් මොහොතක් සනිටුහන් කළේය.
සමාරම්භක උත්සවයට සහභාගී වූ ජාත්‍යන්තර අමුත්තන් අතර බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයා වන Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා, කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා හා ආර්යාව, පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා, තායිලන්ත අගමැතිනි Paetongtarn Shinawatra මහත්මිය, දකුණු කොරියාවේ කතානායක Woo Won-shik මහතා හා ආර්යාව ඇතුළත් වූහ. ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ නිලධාරීහු ද සමාරම්භක උත්සවයට සහභාගී වූහ.
More Stories
ඔලිම්පික්හි අඛණ්ඩ ප්‍රවර්ධනයට එම කමිටුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීන ජනපති පවසයි
9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වන විදේශ රාජ්‍ය නායකයන් වෙනුවෙන් චීන ජනාධිපතිවරයා හා ආර්යාවගෙන් භෝජන සංග්‍රහයක්
සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා චීනය හා අසල්වැසි රටවල් එක්ව පියවර ගනී