ඔලිම්පික්හි අඛණ්ඩ ප්‍රවර්ධනයට එම කමිටුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීන ජනපති පවසයි

ඔලිම්පික් ව්‍යාපාරයේ සංවර්ධනය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. ඊයේ (7) ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා හාබිං හිදී හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. 9 වන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ඔහු චීනයට පැමිණ සිටී.

මෑත වසරවලදී චීනය ප්‍රධාන ක්‍රීඩා ඉසව් කිහිපයක් සාර්ථකව පැවැත්වීමෙන් චීනය සහ ඔලිම්පික් කමිටුව අතර පවතින සහයෝගතාවය පෙන්නුම් කර ඇත.

සිය ක්‍රීඩා අංශය දැඩි ලෙස සංවර්ධනය කරමින් සිටින චීනය ජාත්‍යන්තර ක්‍රීඩා සංවර්ධනයට අඛණ්ඩව නව දායකත්වයක් ලබා දෙන ක්‍රීඩා බලාගාරයක් සහ සෞඛ්‍ය සම්පන්න චීනයක් ගොඩනැගීමේ ඉලක්කය කරා ගමන් කරමින් සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය.

එකමුතුකම, සහයෝගතාවය, සමානාත්මතාවය, ගෞරවය සහ බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම, ක්‍රීඩාව දේශපාලනීකරනයට විරුද්ධ වීම මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල පුළුල් සහ‍භාගීත්වයට සහාය වීම යන සංකල්ප වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශංසාව පළ කළේය.

චීනය තවදුරටත් විශාල ජයග්‍රහණ අත්කරගනු ඇති අතර ලෝක සාමය‍, සංවර්ධනයේ ප්‍රගතිය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි ඔහු අපේක්ෂා පළ කළේය.

Cai Qi මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් ඇතුළු පිරිසක් එම රැස්වීමට එක් ව සිටියහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com