ඔස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයත් කඩුලු 9ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදු වුණි.ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 257ක් ලබා ගත්තේය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස්කළේය.ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 414ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.ඇලෙක්ස් කේරී ලකුණු 156ක් සහ නායක ස්ටීව් ස්මිත් ලකුණු 131ක් රැස්කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස