ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් යූ.එස්.ඒඩ් සේවකයන් 2200 කට වැටුප් සහිත නිවාඩු ලබාදීමට ඇමෙරිකා ජනාධිපතිවරයා ගත් තීරණයට එරට අධිකරණයෙන් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.යූ.එස්.ඒඩ් වෘත්තීය සමිති මගින් ගොණු කළ නඩුවකට අනුවයි මෙම තහනම් නියෝගය ලබාදී ඇත්තේ.
එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශීය සංවර්ධන අංශය වන මෙහි දස දහසක පමණ පිරිසක් සේවය කරනවා.එම පිරිසෙන් තුනෙන් දෙකක්ම සේවය කරන්නේ ඇමෙරිකාවෙන් පිටත වීම විශේෂත්වයක්.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්ම මෙහි සේවකයන් 611 දෙනෙකු පමණක් රඳවා ගැනීමයි.ඩොනල්ට් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ විශාල සේවක පිරිසක් මෙහි සිටීමෙන් රටට විශාල මුදලක් අහිමි වන බවයි.
More Stories
වෙළඳ සහ තීරු බදු යුද්ධවලින් ජයග්‍රාහකයින් බිහි නොවේ – චීනය
ආසියාන් රටවල සංචාරක කණ්ඩායම් වෙත ෂි ෂුවං බැන් නා ප්‍රදේශයට වීසා රහිතව ප්‍රවේශ වීමට අවසර
අන්තර්ජාතික වශයෙන් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව චීනයේ සූදානමක්