චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කරන 2025 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද (12) රාත්‍රී 8ට විකාශය කෙරෙනවා.
එම ප්‍රසංගය ගීත, නැටුම්, ඔපෙරා, මැජික් ආදී විවිධ අංගවලින් සමන්විතය. පහන් කූඩු උත්සව රාත්‍රියේ චීන මාධ්‍ය සමූහය ලොව පුරා ප්‍රේක්ෂකයින්ට සාම්ප්‍රදායික සුන්දරත්වය මෙන්ම නවීනත්වය සහිතව සුවිශේෂ ප්‍රසංගයක් සමීප කිරීමට සූදානමින් සිටිනවා.
අද (12) රාත්‍රී 8 ට, එම ප්‍රසංගය CCTV-1,CCTV-3, CCTV-4, CCTV15, CCTV-4K, CCTV-8K ඇතුළු රූපවාහිනී නාලිකා, Music Radio, Golden Radio, Story Radio, CMG Radio The Greater Bay, CMG Cross-Strait Radio, CRI Chinese Service, CMG Voice of the South China Sea ඇතුළු ගුවන් විදුලි නාලිකා මෙන්ම, CCTV news,CMG Mobile, cctv.com, cnr.cn, CRI Online ඇතුළු නව මාධ්‍ය වේදිකා සහ චීනය පුරා විවිධ නගරවල ඇති විශාල 8K තිර ඔස්සේ ද විකාශය වන බවයි වාර්තා වන්නේ.
More Stories
රත්රන් මිල අඛණ්ඩව ඉහළට
ඇමරිකාවේ වානේ සහ ඇලුමිනියම් තීරුබදු වලට එරෙහිව යුරෝපා සංගමයෙන් දැඩි ප්‍රති-පියවර
තායිවාන ප්රශ්නය පිළිබඳ චීනයෙන් යළි දැඩි ප්‍රකාශයක්