ආනයනික වානේ සහ ඇලුමිනියම් සඳහා තීරුබදු පැනවීමට ඇමරිකාව ගත් තීරණයට එරෙහිව දැඩි විරෝධය පළ කරන බව යුරෝපා සංගමයේ නායකයෝ ඊයේ(11) ප්‍රකාශ කළහ.
යුරෝපා සංගමය මත ඇමරිකාව මෙලෙස අසාධාරණ තීරුබදු පැනවීමට එරෙහිව ප්‍රති-පියවර ගැනීමට සූදානම් බව යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය. යුරෝපා සංගමය එහි ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව ක්‍රියා කරනු ඇති අතර තමන්ගේ සේවකයින්, ව්‍යාපාර සහ පාරිභෝගිකයින් ආරක්ෂාව සහතික කරන බව ද ඇය වැඩිදුටරත් පැවසුවාය.
එමෙන් ම, ප්‍රංශයේ ස්ට්රාස්බර්ග් නුවර දී පැවති යුරෝපා පාර්ලිමේන්තුවේ පූර්ණ සැසියේදී, යුරෝපා කොමිසමේ වෙළඳ හා ආර්ථික කටයුතුවල ආරක්ෂාව පිළිබඳ නිලධාරී Maroš Šefčovič මහතා අනතුරුඅඟවමින් සඳහන් කළේ මෙය දෙපාර්ශ්වයටම හානිදායක තත්ත්වයක් වන බවත් එවැනි තීරුබදු සමස්ත ආර්ථිකයටම හානි ඇති කරන බවත්ය.
ඇමරිකාවේ ජනාධිපති Donald Trump මහතා පසුගිය 10 වන දා ඇමරිකාවට ආනයනය කරන සියලුම වානේ සහ ඇලුමිනියම් සඳහා 25% ක තීරුබදු පැනවීම ප්‍රකාශයට පත් කරමින් විධායක නියෝගයකට අත්සන් තැබීය. ඊට අමතරව, එම නවතම පියවර මගින් යම් වෙළඳ හවුල්කරුවන් සඳහා වානේ සහ ඇලුමිනියම් සඳහා තීරුබදු රහිත කෝටා සහ නිදහස් කිරීම් ද අවලංගු කෙරේ.
More Stories
රත්රන් මිල අඛණ්ඩව ඉහළට
චීන මාධ්‍ය සමූහයේ 2025 පහන් කූඩු උත්සව ප්‍රසංගය අද රාත්‍රියේ
තායිවාන ප්රශ්නය පිළිබඳ චීනයෙන් යළි දැඩි ප්‍රකාශයක්