රත්රන් මිල අඛණ්ඩව ඉහළට

ජාත්‍යන්තර රන් වෙළඳපො‍ලේ ඉහළම දෛනික මිල වාර්තාවෙයි. එය වාර්තාගත මිලකි.

ඊයේ(11) නිකුත් කෙරුණු ඇමරිකානු රේගු බදු ප්‍රතිපත්ති සම්බන්ධ ඉදිරි දැක්මේ බලපෑමත් සමග වෙළඳපොල අවදානම් වැළැක්වීමේ ප්‍රවණතාව අඛණ්ඩව ඉහළ යමින් පවතී. ඒ අනුව ඊයේ දිනයේ දී රන් මිල අඛණ්ඩව ඉහළ යමින් අවුන්සයකට ඇමරිකානු ඩොලර් 2942.70ක ඉහළම දෛනික මිලක් වාර්තා විය.එය මෙම වසරේ ආරම්භයේ සිට ඓතිහාසික ඉහළම අගයක් වාර්තා කළ අටවෙනි අවස්ථාවයි. 

ඊයේ වාර්තාවූ එම ඉහළම මිල අද පහළ ගොස් තිබේ. බෙයිජිං වේලාවෙන් අද අළුයම 5ට වනවිට රන් මිල අවුන්සයකට ඇමරිකානු ඩොලර් 2897.72 දක්වා අඩුවී ඇත.එය ඊයේ මිල හා සැසඳීමේදී සියයට 0.35ක පහළ යාමකි. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com