හමාස් සංවිධානය ලබන 15වැනි දාට පෙර රඳවා ගනු ලැබූ ඊශ්‍රායල ජාතිකයන් නිදහස් නොකළහොත් සටන් විරාම ගිවිසුම අහෝසි කරනු ඇතැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. ඊශ්‍රායල ජාතිකාරක්ෂක ඇමති Israel Katz ඊයේ (12) කියා සිටියේ ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම අහෝසි කරමින් යළි ආරම්භ කරන යුද්ධය පෙරට වඩා ප්‍රබල වනු ඇති බවයි. හමාස් සංවිධානය මුළුමනින් පරාජයට පත් කරමින් හමාස් සංවිධානය විසින් රඳවා ගනු ලැබූ සියලු ඊශ්‍රායල ජාතිකයන් නිදහස් කරන තුරු එම යුද්ධය පැවැත්වෙනු ඇත. එපමණක් නොව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරය පිළිබඳ පළ කළ අදහස් ක්‍රියාවට නංවා ගැනීමට ඊශ්‍රායලය කටයුතු කරන බව ද ඊශ්‍රායල ජාතිකාරක්ෂක ඇමතිවරයා සඳහන් කළේ ය.
මේ අතර ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඊජිප්තුව හා කටාරය මැදිහත් වෙමින් සිටින බව වාර්තා වෙයි. හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සංවිධානයේ නියෝජිත පිරිසක් ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින බවයි. ඉහළ පෙළේ හමාස් නිලධාරියෙකු ප්‍රධාන එම නියෝජිත පිරිස ඊජිප්තු නිලධාරීන් හමු වූ බවත්, ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුම සහ දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය වශයෙන් රඳවා ගනු ලැබූවන් හුවමාරු කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බවත්, එම නිවේදනයේ සඳහන් වෙයි.
More Stories
පැයක විදුලි කප්පාදුවක්
‘ටයිෆෝන්’පිලිපීනයේ ස්ථානගත කිරීමෙන් සමස්ත කලාපයම අවධානමට ලක් වන බවට චීනය අනතුරු අඟවයි
චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂාවට එරෙහිව තර්ජනයක් එල්ල කෙරෙන ඕනෑම ක්‍රියාවකට චීනයෙන් දැඩි විරෝධය