සිරියාවේ නැගී සිටීමට අවශ්‍ය ප්‍රායෝගික සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
ඔහු එම ස්ථාවරය පැහැදිලි කළේ සිරියාව තුළ උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ පසුගියදා පැවති විවෘත රැස්වීමක් අමතමිනි. යුද ගැටුම් හේතුවෙන් දිගු කාලයක් පුරා දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින සිරියානු ජනතාව, සාමය, ස්ථාවරත්වය හා සාමකාමී අභිමානවත් ජීවිතයක් තම රට තුළ අපේක්ෂා කරන බව ඔහු කීය. එබැවින් තීරණාත්මක වත්මන් කාල පරිච්ඡේදය තුළ ජාත්‍යන්තරයේ ප්‍රායෝගික සහාය සිරියාවට අතිශයෙන් වැදගත් වන බව ද ඔහු පැවසීය.
සිරියාව ඉතා බැරෑරුම් මානුෂීය තත්ත්වයක පවතී. ඇතැම් රටවල් දීර්ඝ කාලයක් පුරා සිරියාවට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක, එහි ජනතාවට විශාල හානියක් සිදු කර ඇත. එවන් විධිවිධාන මුල සිටම නොතිබිය යුතු බව චීනයේ ස්ථාවරයය. සිරියාවේ මානුෂීය ආධාර සහ සංවර්ධන අවශ්‍යතා සඳහා, මෙම විධිවිධානයන් හි අහිතකර බලපෑම් ඉවත් කිරීමට පියවර ගත යුතු යැයි ද Fu Cong මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි