ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා හමු වෙයි. හමුව පසුගිය දා(15) මියුනිච් හිදී සිදු කෙරිණ.
චීනය සහ ජර්මනිය අතර ඉහළ මට්ටමේ සබඳතා හා හුවමාරු අඛණ්ඩව පවතින අතර ප්‍රායෝගික සහයෝගීතාවයෙන් යහපත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව වං යී මහතා එහිදී පෙන්වා දී තිබේ. එමෙන්ම ඒකපාර්ශ්වවාදය හමුවේ, දෙරට, චීන – යුරෝපා සංගම් සහයෝගීතාව ශක්තිමත් කර බහුපාර්ශ්වවාදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකාරී බලය ද ආරක්ෂා කළ යුතු බව හෙතෙම කියා සිටියේය.
මෙම වසර චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සනිටුහන් කරයි. මෙහි සහයෝගීතාව ගැඹුරු කිරීමට දෙපාර්ශ්වයම මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු බව වං යී මහතා අවධාරණය කළේය. විදුලි වාහන සඳහා වන තීරුබදු පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ජර්මනියේ ආකල්පය අගය කරන චීනය, චීන-යුරෝපා සංගම් ආර්ථික හා වෙළඳ ගැටුම් යනාදිය නිසි ලෙස විසඳීම සඳහා ජර්මනිය ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද වං යී මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහි දී ෂෝල්ස් මහතා සඳහන් කළේ ජර්මනිය චීනය සමඟ සබඳතා සංවර්ධනය කිරීම වැදගත් කොට සලකා ආරක්ෂණවාදයට එරෙහිව විරෝධය පළ කරන බවයි. යුරෝපා සංගමය සහ චීනය සංවර්ධනාත්මක ආකල්පයක් අනුගමනය කරමින් විදුලි වාහන වැනි ගැටලු හැකි ඉක්මනින් නිසි ලෙස විසඳා ගනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම කියා සිටියේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි