චීනය හා ආසියාන් සංගමය ආසියා ශාන්තිකර කලාපයේ කේන්ද්‍රීය ශක්තියක් බව චීනය පවසයි

ආසියා-ශාන්තිකර කලාපීය සාමය සහතික කිරීමට මෙන්ම කලාපීය සංවර්ධනයට චීනය හා ආසියාන් සංගමය කේන්ද්‍රීය ශක්තියක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.

මැලේසියානු අග්‍රාමාත්‍ය Anwar Ibrahim මහතාගේ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින්  චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය..

මාධ්‍ය වාර්තාවකට අනුව, චීනය ආසියාන් සංගමයේ වැදගත්ම ආර්ථික හවුල්කරු බව මෑතකදී Anwar Ibrahim මහතා ප්‍රකාශ කළේ ය. මැලේසියාව ආසියාන් සහ චීනය අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම ප්‍රවර්ධනය කරන බවද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම දකුණු චීන මුහුදේ මතභේදයන් පාලනය හා විසඳා ගැනීම සඳහා “දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රමිතීන් ” ට හැකි ඉක්මනින් එකඟ වන ලෙස හෙතෙම ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. 

මේ සම්බන්ධයෙන් Guo Jiakun ප්‍රකාශ කළේ චීනයේ හා ආසියාන් රටවල නායකයන්ගේ උපාය මාර්ගික උපදෙස් යටතේ, චීන-ආසියන් සංගම් පොදු ඉරණමක් සහිත ප්‍රජාව ඉහළ පිළිගැනීමට ලක්ව ඇති බවයි. මැලේසියාව සමඟ එක්ව චීනය හා ආසියන් සංගමය අතර ඒ ඒ ක්ෂේත්‍රවල නව සහයෝගිතා ගොඩනගා කලාපීය සහයෝගිතාවන්හී වඩාත් වැඩි ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී.ඊට අමතරව, මිත්‍ර සාකච්ඡා හරහා මතභේද පාලනය හා ගැටළු විසඳා ගැනීම යන ආසියා ක්‍රමය, චීනය හා ආසියාන් රටවල් සබඳතා සංවර්ධනය කිරීමේදී ලබා ගත් වටිනා අත්දැකීමක් බව Guo Jiakun මහතා ප්‍රකාශ කළේය. ආසියාන් රටවල් සමග එක්ව “ දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්වයන්හී ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රකාශනය” සම්පූර්ණයෙන් ඵලදායිකව ක්‍රියාත්මක කිරීමට චීනයේ අපේක්ෂාවය.“දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රමිතීන්”සම්බන්ධ සාකච්ඡා සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කරමින් දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය පොදුවේ සහතික කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com