චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා (18) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීමේ සභාපතිත්වය දරමින්, ඇමරිකාවේ ඒ ඒ ක්ෂේත්‍රවල පුද්ගලයින් සමඟ සාකච්ඡාවල නිරත විය.
ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඒකාබද්ධ උත්සාහයක් දැරිය යුතුය. එසේම බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල රටවල් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බව, වං යී මහතා එහිදී පැවසීය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් හා ලෝකයේ ඉහළම ආර්ථිකයන් දෙක ලෙස, චීනය හා ඇමරිකාව අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය, සහයෝගීතා හා අන්‍යෝන්‍ය යහපත යන මූලධර්ම අනුගමනය කළ යුතු ය. මෙමගින් දෙරට ගැලපෙන නිවැරදි මාර්ගය සොයා ගත යුතු බව වං යී මහතා සඳහන් කළේ ය. ඇමරිකානු ව්‍යවසායන්, චීන ලක්ෂණ සහිත නවීකරණය විසින් ගෙන එන ලද නව අවස්ථා ග්‍රහනය කර ගැනීමෙන්, අන්‍යෝන්‍ය යහපත හා ජයග්‍රහණ ඉටු කිරීම, චීනය සාදරයෙන් පිළිගන්න බව ද, ඔහු එහිදී කියා සිටියේ ය.
ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුව, ඇමරිකා-චීන වෙළඳ කොමිසම, ඇමරිකානු වාණිජ මණ්ඩලය යන ආයතනවල නියෝජිතයින් ඇතුළු පිරිස්, එහිදී ඇමරිකා-චීන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළහ. ඇමරිකා-චීන සබඳතාවල ස්ථාවරත්වය පවත්වා ගැනීම, දෙරටටම සහ ලෝකයට ප්‍රයෝජනවත් වන බව ඔවුහූ පෙන්වා දුන්හ. චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය දෙස ඔවුහූ සතුටින් බලමින් සමීපව අවධානය යොමු කරති. එසේම චීනයේ ආයෝජන අඛණ්ඩව වැඩි කරනු ඇතැයි ද ඔවුහූ පැවසූහ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි