චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා හමුවෙයි. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති G20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුර ඊයේ (20) මෙම හමුව සිදුවිය.

රාජ්‍ය නායකයින් දෙදෙනා විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සහ නව වසරේදී චීන-රුසියානු සබඳතා ඉදිරියට ගෙන යාමට රුසියාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා එහිදී පැවසීය. මෙම වසර ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි. චීන-රුසියා උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම සමාන හා විධිමත් බහුධ්‍රැවීය ලෝකයක් සහ සහභාගීත්ව ආර්ථික ගෝලීයකරණයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා “80 වන සංවත්සරය” ඒකාබද්ධව සැමරීමේ අවස්ථාව දෙපාර්ශ්වය විසින් ලබා ගත යුතු බව ඔහු පැවසීය.

චීනය සමග ඉහළ මට්ටමේ හුවමාරු මෙන්ම ආර්ථිකය, වෙළඳාම, මූල්‍ය සහ සංස්කෘතිය වැනි විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට රුසියාවේ බලාපොරොත්තුවයි. රුසියා-චීන පුළුල් උපායමාර්ගික සහයෝගී හවුල්කාරී සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව Sergey Lavrov මහතා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර, යුක්රේන අර්බුදයේ නවතම වර්ධනයන් සහ රුසියාවේ අවධානය පිළිබඳව Sergey Lavrov මහතා පැහැදිලි කර ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව සාධාරණ හා තිරසර සාමකාමී විසඳුමක් වෙත යොමු වීමට රුසියාව කැපවී සිටින බව ද ඔහු පැවසීය. රුසියාව චීනය සමග මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමටත් “‍ගෝලීය දකුණේ” රටවල් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව Sergey Lavrov මහතා කියාසිටියේය.

එහිදී චීනයේ ස්ථාවරය පැහැදිලි කළ Wang Yi මහතා, සාමය හා සංවාදය ප්‍රවර්ධනය කිරීමේදී සහ අර්බුදය දේශපාලනිකව විසඳීමේදී චීනය අඛණ්ඩව ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ප්‍රකාශ කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com