ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්

ඇමරිකානු නව පරිපාලනය පත්වී මසක කාලයක් තුළ එහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගෝලීය මත විමසුමකට එක්වූ පිරිසක් අදහස් දක්වති. CGTN නාළිකාව චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලය හා එක්ව එම සමීක්ෂණය සිදු කර තිබේ. ලොව පුරා රටවල් 38ක 7,586‍ දෙනෙක් සමීක්ෂණය‍ට එක්වූහ.

ඇමරිකානු නව පරිපාලනය ගිවිසුම් කඩ කිරීම, ජාත්‍යන්තර සංවිධානවලින් ඉවත් වීම,වෙළද ගැටළු ඇති කිරීම වැනි කරුණු ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්‍ ගේ දැඩි කණස්සල්ලට හා දෝෂ දර්ශනයට ලක්ව තිබේ. G7 රටවල ප්‍රතිචාර දැක්වූවන් මෙන්ම ඇමරිකාවේ ප්‍රතිචාර දැක්වූවන් ද නව පරිපාලනයේ ප්‍රතිපත්තිවල බලපෑම සම්බන්ධයෙන් සෘණාත්මක අදහස් දක්වා ඇත. ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 63.7 ක් විශ්වාස කරන්නේ නව ඇමරිකානු පරිපාලනය ‘ජාත්‍යන්තර කණ්ඩායම් වලින් ඉවත් වීම’ ගෝලීය පාලනයට අහිතකර ලෙස බලපාන බවයි. සාම්ප්‍රදායික ඇමරිකානු හවුල්කාරී රටවල  ප්‍රතිචාර දැක්වූවන් අතර මෙම ප්‍රතිශතය සියයට 66.7 දක්වා ඉහළ මට්ටමක පවතී. ඒ අතරම මෙම සමීක්ෂණයට එක්වූවන් ගෙන් සියයට 63.3 ක් කියා සිටින්නේ නව ඇමරිකානු පරිපාලනයේ ‘ඇමරිකාව පළමුව’ ප්‍රතිපත්තිය මන්දගාමී ගෝලීය ආර්ථිකයේ හානිය වේගවත් කරන බවයි. සියයට 58.4ක් ඇමරිකාවේ වෙළඳ ආරක්ෂණවාදය තුළින් තම ර‍ටවල ආර්ථික සංවර්ධනයට බාධා එල්ල කරනු ඇති බව විශ්වාස කරයි. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියට දේශීය වශයෙන් පූර්ණ සහායක් නොමැති බවද ඉන් පෙන්නුම් කෙරේ. මෙම සමීක්ෂණයට ඇමරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඔස්‍ට්‍රේලියාව, ජර්මනිය වැනි සංවර්ධිත රටවලින් මෙන්ම බ්‍රසීලය, දකුණු අප්‍රිකාව,ඊජිප්තුව,මලයාසියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පිරිස් ද එක්වූහ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com