චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ

ඉකුත් 21වැනි දා ඇමරිකා ධවල මන්දිරයේ වෙබ් අඩවියේ “ පළමුව ඇමරිකාව ”නමැති ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය නිකුත් කෙරිණ. චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන තවදුරටත් සීමා කිරීම එම ප්‍රතිපත්තියේ ප්‍රධාන අන්තර්ගතය බවට පත්වේ. ඉන් දෙරටේ ව්‍යවසායන් අතර සාමාන්‍ය ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයට බරපතල බලපෑම් සිදු වනු ඇත.

ගෙවී ගිය වසර කිහිපය තුළ ජාතික ආරක්ෂාව මුවාවෙන් ඇමරිකාව චීනයට එරෙහිව ආයෝජන විමර්ශනය, අපනයන පාලනය ඇතුළු පියවර ගෙන තිබේ. ඒ චීනයේ ආර්ථික බලපෑම දුර්වල කිරීම, අධික විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ චීනයේ සංවර්ධනය මර්දනය කිරීම වෙනුවෙන් ය. ඇමරිකාවේ ක්‍රියාව, ජාත්‍යන්තර ‍ආයෝජන රෙගුලාසි හා වෙළඳපොල ආර්ථික මූලධර්මයට පටහැනි වෙන අතර ඉන් සිය ප්‍රතිලාභ, කීර්තිය හා ඇමරිකා සමාගම්වල අවස්ථාවන් විනාශ කරන බව ඇතැම් නිරීක්ෂකයෝ පෙන්වා දුන්හ.

ඇමරිකාව එම ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කිරීමට පෙර චීනය “වි‍දේශ ආයෝජන ස්ථාවර කිරීමේ 2025 වසරේ ක්‍රියාකාරී සැලැස්ම” නිකුත් කළේය. ක්‍රමිකව විවෘත භාවය පුළුල් කිරීම, ආයෝජනය ප්‍රවර්ධනය කිරීමේ මට්ටම ඉහළ නැංවීම, සේවා හා සහතික ශක්තිමත් කිරීම ඇතුළු ක්ෂේත්‍රවල පියවර රැසක් ඊට ඇතුළත් ය. ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රය එම සැලැස්ම පිළි ගනී.

චීන සහ ඇමරිකා ව්‍යවසායන් අතර සහයෝගය පැවැත්වීම උනන්දු වන අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයගහ්‍රණය, දෙපාර්ශවයට යහපත් ම තෝරා ගැනීම බවට පත්වේ. බලහත්කාරයෙන් ද්විපාර්ශ්වික ආයෝජන සීමා කිරීම සහ චීනයෙන් විසන්ධි කිරීම මගින් ඇමරිකාවේ සිය ප්‍රතිලාභයට පමණ හානි සිදු වනු ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com