ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය

ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු දැකීම චීනයට සතුටක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු ඒ බව සඳහන් කළේ ඊ(24) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී වත්මන් චීන ජර්මන් සම්බන්ධතාවය පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජර්මනියේ නව රජය සමග එක්ව ද්විපාර්ශ්වික අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කරමින් එය සංවර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වේ. ජර්මනියට හා යුරෝපා සංගමයට ගෝලීයව බලපෑම් කිරීමේ ශක්තිය සතුය. යුරෝපයේ ඒකීයකරණය හා යුරෝපා සංගමයේ උපායමාර්ගික ස්වාධීනත්වයට සහය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටියි. ලෝක සාමය සහ සමෘද්ධිය සඳහා අඛණ්ඩව දායක වීමට ජර්මනිය සහ යුරෝපා සංගමය සමග එක්ව ක්‍රියා කිරීමට චීනය සූදානම් බව ද ලින් ජියන් මහතා ප්‍රකාශ කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com