චීනයේ ග්‍රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී  කැපී පෙනෙන වර්ධනයක

2024 වසරේ දී චීනයේ ග්‍රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය චීන යුවාන් 23119 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (24) චීන රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය හමුවකදී නිකුත් කළ දත්තවලට අනුව, එය 2023 වසරට සාපේක්ෂව 6.3% ක වැඩිවීමකි. චීනයේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ අතර ආදායම් පරතරය තවදුරටත් අඩු වී ඇති බව ඉන් මනාව පෙනී යන්නකි.

දරිද්‍රතාවයෙන් මිදුණු කෝරළවල සාමාන්‍ය ගොවියකුගේ වැය කළ හැකි ශේෂයේ වර්ධන අනුපාතය රටේ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ අගයක් දක්වා වර්ධනය වී තිබේ. දරිද්‍රතාවයෙන් මිදී රැකියා නියුක්ති වූ සංඛ්‍යාව ස්ථාවර ලෙස වර්ධනය වී තිබෙන බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.

මේ අතර, 2024 වසරේ චීනයේ සමස්ත ආහාර නිෂ්පාදනය ද වාර්තාගත ලෙස කිලෝග්‍රෑම් බිලියන 700 ඉක්මවා ගොස් ඇති අතර, විවිධ වර්ගයේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයුම් ද ප්‍රමාණවත් වී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල අලුතින් ඉදි කෙරුණු මෙන්ම ප්‍රතිසංස්කරණය කෙරුණු මාර්ග පද්ධතිය ද කිලෝමිටර් ලක්ෂ 1.3 ක පමණ දිගකින් යුක්ත වූ අතර, ග්‍රාමීය ප්‍රදේශවල ජල නල සේවා සැපයුම් ආවරණය ද 94% කට ළඟා වී ඇත. එමෙන්ම භාණ්ඩ බෙදා හැරීමේ සේවාවන් 95% කට වැඩි ගම්මාන ආවරණය කර තිබේ. ග්‍රාමීය ප්‍රදේශවල සංස්කෘතික හා ක්‍රීඩා ක්‍රියාකාරකම් තවදුරටත් වැඩිදියුණු වෙමින් පවතින අතර “සාමකාමී ගම්මාන ගොඩනැගීමේ” ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරමින් පවතින බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com