තායිවාන ගැටළුව ප්‍රවේශමෙන් හසුරුවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ඊයේ(26) නිත්‍ය මාධ්‍ය හමුවක් පැවැත්විණ.

මෑතකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන්ව තිබූ, “තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වයට සහාය නොදක්වයි” යන ප්‍රකාශය ඉවත් කර ඇති බව සඳහන් කළ වාර්තාකරුවෙකු ඒ සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක් දැයි එහිදී විමසීය. 

ඇමරිකාවේ මෙම ක්‍රියාව තායිවාන ගැටළුව සම්බන්ධයෙන් එරට ස්ථාවරයේ බරපතල පසුබෑමක් බවත්, එය එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් එම කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය පැවසුවාය. එමෙන්ම ඇමරිකාවේ මෙම පියවර චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් වන අතර එය තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ සාමය සහ ස්ථාවරත්වයට හානිකර වන බව ද ඇය පෙන්වා දුන්නාය.

තම වැරදි නිවැරදි කර තායිවාන ගැටළුව ප්‍රවේශමෙන් හසුරුවන ලෙසත්, “තායිවාන බෙදුම්වාදීන්’ට සහාය දැක්වීම පිළිබඳ වැරදි සංඥා නිකුත් කිරීම නවතන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද ඇය ප්‍රකාශ කළාය. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com