14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ තුන්වැනි සැසිවාරය පිළිවෙලින් මාර්තු 5 වැනිදා සහ මාර්තු 4 වැනිදා බෙයිජිං නගරයේ දී ආරම්භ වනු ඇත. එම සැසිවාර දෙකෙහි මාධ්‍ය කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රවෘත්ති මධ්‍යස්ථානය අද(27) බෙයිජිං නගරයේදී නිල වශයෙන් විවෘත කෙරිණ.
මේ වනවිට සැසිවාර දෙකෙහි මාධ්‍ය ආවරණය සඳහා චීන සහ විදේශීය වාර්තාකරුවන් 3000 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇත. දේශීය වාර්තාකරුවන් 2000 කට වැඩි පිරිසක් ද, චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ, මැකාවෝ විශේෂ පරිපාලන කලාපයේ, චීන තායිවාන ප්‍රදේශයේ හා විදේශීය වාර්තාකරුවෝ 1000 කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිති. පසුගිය වසරට සාපේක්ෂව ලියාපදිංචි වූ වාර්තාකරුවන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් ද දක්නට ඇත. සැසිවාර දෙක පැවැත්වෙන කාලය තුළදී අදාළ වාර්තාකරණ කටයුතු සඳහා වන පහසුකම් එම මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබේ.
More Stories
තායිවාන ගැටළුව ප්‍රවේශමෙන් හසුරුවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
චීන මාර්ගගත සිල්ලර වෙළඳපොල තවදුරටත් වර්ධනය වෙයි
ගාසාහි සටන් විරාම ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය – චීනය