චීන – රුසියා සබඳතා පළුදු කිරීමේ ඇමරිකාවේ කුමන්ත්‍රණ අසාර්ථක බව චීනය කියයි

චීන – රුසියා සබඳතා පළුදු කිරීම සඳහා ඇමරිකාව සිදුකරන කිසිදු කුමන්ත්‍රණයක් සාර්ථක නොවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(27) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී චීන -රුසියා සම්බන්ධතාව කෙරෙහි කණස්සල්ල දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.  

විශාල රටවල් දෙකක් වන චීනය හා රුසියාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ප්‍රබල අභ්‍යන්තර ශක්තියක් තිබේ. ඊට කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑම් එල්ල නොවේ. චීනය හා රුසියාව අතර සංවර්ධන උපාය මාර්ගයන් හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති දිගුකාලීන දැක්මකින් යුතු වේ. ජාත්‍යන්තර තත්ත්වය කවර ආකාරයකින් වෙනස් වුවද චීන-රුසියා සබඳතාව ස්ථාවරව ඉදිරියට ගමන් කරන බව Lin Jian මහතා ප්‍රකාශ කළේය. එබැවින් චීනයත් රුසියාවත් අතර අමනාපයන් ඇති කිරීම සඳහා ඇමරිකාව සිදුකරන කිසිදු කුමන්ත්‍රණයක් සාර්ථක නොවනු ඇතැයිද හෙතෙම පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com