මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව දැනුම්දෙමින් අද (27) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළේය.
එම නිවේදනයට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට (28) සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගනු ලැබේ.
අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අදාළ පක්ෂයේ ලේකම්වරයා පෞද්ගලිකව පැමිණ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදීම හෝ සිදුකළ හැකිබව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයෙන් දන්වා සිටියි.
More Stories
2025 චීන රාජ්ය මණ්ඩලයේ රාජ්ය කාර්ය වාර්තාව සාකච්ඡා කිරීමේ රැස්වීම චීන ජනපති ප්රධානත්වයෙන්
ශ්රී ලංකා මහ බැංකුව මහජනතාවට තරයේ අවවාද කරයි
ඇමරිකාව ඒක පාර්ශ්වික රේගු බදු විධිවිධානයන්ට එරෙහිව චීනයෙන් දැඩි විරෝධය