මෙම වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධනය අධිෂ්ඨානශීලි අයුරින් සාක්ෂාත් කර ගැනීමට චීනය සූදානම් වෙයි.
මෙවර අපේක්ෂිත වර්ධන අනුපාතය 5%කි. මෙම අගය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය විසින් පූර්ණ හා මනා අධ්‍යයනයෙන් සහ පර්යේෂණයෙන් යුතුව සකස් කරන ලද්දකි. ක්‍රමවේදයන්, වෙළඳපොළේ විභවයන් හා ව්‍යවසායයන්හි ක්‍රියාකාරිත්වය අනුව චීනයට කැපී පෙනෙන වාසි පවතින අතර අභියෝගයන්ට මුහුණ දීමේ අධිෂ්ඨානය ද චීනය සතු බව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් Zheng Shanjie මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ මේ දිනවල බෙයිජිං හි පැවැත්වෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයට සමගාමී ව අද(06) සවස පැවති චීන ආර්ථිකය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ය.
More Stories
“සීතල යුද්ධයක්” හෝ “උණුසුම් යුද්ධයක්” වුව ද සටන් කිරීමට හෝ ජය ගැනීමට කිසිවකුට නොහැක – චීනය
චීන ජනපති චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකයන් හමු වේ
ප්‍රබල ආර්ථිකයකින් සමන්විත පළාත් රටේ සමස්ත සංවර්ධන ඉලක්ක සපුරාලීමට පෙරමුණ ගෙන කටයුතු කළ යුතුයි – චීන ජනපති