“14 වන පස් අවුරුදු සැලැස්මේ” හමුදා සංවර්ධනය පිළිබඳ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.
හෙතෙම මේ බව පැවසුවේ, අද(7) පස්වරුවේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරයේ හමුදා හා සන්නද්ධ පොලිස් නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් වෙමිනි.
“14 වන පස් අවුරුදු සැලැස්මේ” හමුදා සංවර්ධනය පිළිබඳ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම, නියමිත පරිදි හමුදාව පිහිටුවීමේ 100 වන සංවත්සරය සඳහා වන ඉලක්කය සපුරා ගැනීමටත්, චීන මාදිලියේ නවීකරණය සමග ශක්තිමත් රටක් නිර්මාණය කරමින් ජාතික පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව ෂී ජින් පිං මහතා කියා සිටියේය.
ස්ථීර විශ්වාසයකින් අභියෝගවලට මුහුණ දෙමින් උසස් තත්ත්වයේ සංවර්ධන අවශ්‍යතා ක්‍රියාත්මක කළ යුතු බවත්, ස්ථාපිත ඉලක්ක සහ කාර්යයන් නියමිත පරිදි සම්පූර්ණ කළ යුතු බවත් ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්