චීනයේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවතී. ඉකුත් පෙබරවාරි මාසය අග වන විට චීනයේ විදේශ විනිමය සංචිත වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 3.2ට වඩා වැඩි බව වාර්තා විය. පසුගිය ජනවාරි මාසය අවසානය හා සැසඳීමේදී එය ඇ.ඩො. බිලියන 18.2ක වර්ධනයක් වන අතර, එහි වර්ධන අනුපාතය 0.57%කි.
පසුගිය මාසය තුළ, ප්‍රධාන ආර්ථික ඒකකයන් හි සාර්ව ප්‍රතිපත්ති, ආර්ථිකමය දත්ත හා එම රටවල මහජන බැංකුවල මුදල් ප්‍රතිපත්ති අපේක්ෂාවන්ගෙන් සිදු ව ඇති බලපෑම් හේතුවෙන් ඇමරිකානු ඩොලර් දර්ශකය පහත වැටී ඇත. ඊට සාපේක්ෂව, චීන ආර්ථිකයේ ස්ථාවර පදනමක්, ශක්තිමත් නම්‍යශීලිත්වයක්, විශාල විභවයක් යනාදි ධනාත්මක ලක්ෂණ දක්නට ලැබේ. මෙය විදේශ විනිමය සංචිත වපසරිය ස්ථාවර මට්ටමක පැවතීමට ඉවහල් වනු ඇති බව චීන රාජ්‍ය විදේශ විනිමය කළමනාකරණ අධිකාරිය සඳහන් කර තිබේ.
More Stories
චීන නාවික හමුදාව “ආරක්ෂක තීරය-2025” ඒකාබද්ධ යුද අභ්‍යාසයට සූදානම් වේ
චීන රජයේ පාලන කාර්යක්ෂමතාව පැසසුමට – CGTN ගෝලීය මත විමසුම
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයේ සභාපති කණ්ඩායමේ රැස්වීම් පැවැත්වේ