” වසන්තයේ චීනය – චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම ” නම් ගෝලීය සංවාදය ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරදී පසුගියදා(11) පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය එම සංවාදය සංවිධානය කළේ ය. ඉතියෝපියානු සැලසුම් හා සංවර්ධන ඇමතිවරයා, එරට චීන තානාපතිවරයා, ඉතියෝපියවේ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා සහ ජාතික ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු ආරාධිතයෝ 70ක් පමණ එම අවස්ථාවට එක්වූහ.


චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් එම සංවාදයට එක් වෙමින් දේශනයක් පැවැත්විය. නොබෝ කලකට පෙර බෙයිජිං නුවර පැවති චීන සැසිවාර දෙක තුළින් ලෝකයට චීනය පිළිබඳ නැවුම් පණිවිඩයක් නිකුත් වී තිබේ. චීනය සිය විවෘතභාවය අඛණ්ඩව පුළුල් කරමින් ලෝකය සමග වඩාත් අවස්ථා බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බව එම සැසිවාර දෙක ලෝකයට පසක් කර දුන් බව ද Shen Haixiong මහතා සිය දේශනයෙන් කියා සිටී. ලොව වැඩිම වාර්තාකරණ ආකෘති සහ වැඩිම මාධ්‍ය ආවරණය සහිත මාධ්‍ය සේවයක් වශයෙන් චීන මාධ්‍ය සමූහය ලෝකයේ විවිධ රටවල මිතුරන් සමග මාධ්‍ය ඔස්සේ චීන මාදිලියේ නවීකරණය අත්විඳීමට කැමති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය දා බෙයිජිංහි පැවති චීනයේ සැසිවාර දෙක පිළිබඳවත්, විද්‍යා තාක්ෂණ දියුණුවෙන් චීන-අප්‍රිකා නවෝත්පාදන සංවර්ධනයට ලැබෙන සහායන් පිළිබඳවත්, චීන-අප්‍රිකා සංස්කෘතික හුවමාරු හා මාධ්‍ය සහයෝගිතාව පිළිබඳවත්, එම සංවාදයට එක්වූවෝ පුළුල් අන්දමින් සාකච්ඡා පැවැත්වූහ. එසේ ම ලොව පුරා ප්‍රචලිත වෙමින් තිබෙන“Ne Zha 2”නමැති චීන චිත්‍රපටය පිළිබඳව ද ඔවුන් තුළ කථිකාවක් ඇති විය. එම චිත්‍රපටයේ සාර්ථකත්වය විශ්ලේෂණය කරමින් ඔවුන් පෙන්වා දුන්නේ සාම්ප්‍රදායික චීන සංස්කෘතික ආකර්ෂණය සහ චීනයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් නවෝත්පාදනය එම සාර්ථකත්වයට තුඩු දුන් බවයි.

ඉතියෝපියාව පමණක් නොව කෙන්යාව, දකුණු අප්‍රිකාව, රුවන්ඩාව, සැම්බියාව, සිම්බාබ්වේ ඇතුළු අප්‍රිකානු රටවල් රැසක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන ” වසන්තයේ චීනය – චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම ” නම් ගෝලීය සංවාදය පිළිබඳව වාර්තා කර ඇත.
More Stories
ග්‍රීන්ලන්ත නායකයන්ගෙන් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි විරෝධය
විදෙස් ආයෝජන කෙරෙහි චීනයේ දායකත්වය අඛණ්ඩව ඉදිරියට
චීන සහ විදේශීය තාරකා විද්‍යාඥයින්ගේ නව ජයග්‍රහණයක්