ග්‍රීන්ලන්තයේ දේශපාලන නායකයෝ ඇමරිකාවේ ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ අදහස තරයේ ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම එක්සත්වීම සහ බාහිර පීඩනයට එරෙහිව දැඩි ආකල්පයක සිටීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇත.
නේටෝ සංවිධානයේ මහලේකම් Mark Rutte සමග ඊයේ(13) පැවති සාකච්ඡාවකදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකාව ඩෙන්මාර්කයේ ස්වාධීන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගනු ඇති බවයි. එහිදී Mark Rutte පැවසුවේ එය ඔහුගේ විෂය පථයට අදාළ නොවන බවත්, නේටෝව මේ සඳහා සම්බන්ධ වීම තමන් අපේක්ෂා නොකරන බවත් ය. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග ග්‍රීන්ලන්තයේ දේශපාලන නායකයන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
ග්‍රීන්ලන්තයේ මීළඟ රජය පිහිටුවීමේ සාකච්ඡාවල ප්‍රමුඛ චරිතයක් වන ඩිමොක්‍රටික් පක්ෂයේ සභාපති Jens-Frederik Nielsen, ට්‍රම්ප්ගේ ප්‍රකාශය ” නුසුදුසු ” බවත් මෙවැනි මොහොතක එක්ව කටයුතු කළ යුතු බවත් පැවසීය.
ග්‍රීන්ලන්තයේ වත්මන් අගමැති Mute Egede ද ට්‍රම්ප්ගේ ප්‍රකාශය හෙළා දකිමින් එරට පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් කැඳවිය යුතු බව කියා සිටියේය.
ඇමරිකාවට ග්‍රීන්ලන්තය තුළ මේ වනවිටත් හමුදා පැවැත්මක් ඇති බවත් එය ඉදිරියේදී වර්ධනය වනු ඇතැයි ද ට්‍රම්ප් පවසා තිබේ. මෙම වසර ආරම්භයේ සිටම බොහෝ වරකදී ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ අපේක්ෂාව පිළිබඳව සඳහන් කළේ ය.
මේ අතර ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මතුව ඇති අවිනිශ්චිතතාවය පිළිගනිමින් ඩෙන්මාර්කයේ අගමැති Mette Frederiksen මහතා ඩෙන්මාර්කයේ ස්ථාවරය සහතික කරමින් කියා සිටියේ, ග්‍රීන්ලන්තයේ අනාගතය එහි ජනතාව තීරණය කළ යුතු බවයි.
ග්‍රීන්ලන්තයේ විපක්ෂය වූ ඩිමොක්‍රටික් පක්ෂය පසුගිය දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ට්‍රම්ප්ගේ තර්ජනය දැඩි ලෙස විවේචනය කර ඇත.
More Stories
විදෙස් ආයෝජන කෙරෙහි චීනයේ දායකත්වය අඛණ්ඩව ඉදිරියට
චීන සහ විදේශීය තාරකා විද්‍යාඥයින්ගේ නව ජයග්‍රහණයක්
කාන්තා සංවර්ධනයේ චීන ජයග්‍රහණ ජාත්‍යන්තරයේ ඇගයීමට