කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගමට ඇමරිකානු රජය විසින් සම්බාධක පනවා තිබෙනවා.
ඇමරිකාව විසින් චීන සමාගම් 24 කට සම්බාධක පනවා ඇති අතර ඒ අතර චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ මව් සමාගමත් අයත්.
මෙරට වරාය නගරය ඉදිකරනුයේ චයිනා හාබර් සමාගම විසින්.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසා ඇත්තේ චීන රජයට අයත් සමාගම් හරහා බලය පැතිරවීමට ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත්, චීන රජය විසින් ඇමරිකාවේ මෙම තීරණය දැඩිව ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ