තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් ජපානය සුපරික්ෂාකාරීව හැසිරිය යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී, තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් ජපානයේ ඍණාත්මක ක්‍රියා පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. තායිවාන ප්රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර බාහිර මැදිහත්වීම් වලට ඉඩ නොදෙන බව ඇය පැවසුවාය. තායිවාන ප්‍රදේශයේ යටත් විජිත පාලනයක් ක්‍රියාත්මක කළ ජපානය, මෙම ප්රශ්නයේදී ඓතිහාසික අපරාධ වගකීම භාර ගත යුතුය. එරට වඩාත් පරීක්ෂාකාරීව හැසිරිය යුතු යැයි ද ඇය අවධාරණය කළාය.
ජපානය, චීන-ජපාන උපායමාර්ගික සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම, නව යුගයේ අවශ්‍යතා සපුරාලන ඵලදායී සහ ස්ථාවර චීන-ජපාන සබඳතාවක් ගොඩනඟා ගැනීම යන සිය ප්‍රකාශය ඉටු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා බාධාවන් ඉවත් කිරීමට ජපානයට ප්‍රායෝගිකව ක්‍රියා කළ හැකි යැයි බලාපොරොත්තු වන බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය