ග්‍රීන්ලන්තය තවමත් සිය රාජධානියේ කොටසක් බව ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය Mette Frederiksen මහත්මිය තහවුරු කරයි. එමෙන්ම එම දූපත් අත්පත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව සූදානම් බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ද ඇය ඊයේ(27) දැඩි විරෝධය ද පළ කළා ය.
ග්‍රීන්ලන්ත භූමියේ හිමිකාරීත්ව පවතින්නේ එම ප්‍රදේශයේ ජනතාවට ය. එමෙන්ම ඩෙන්මාර්කය සමග පවතින සබඳතාව ද ඉදිරියටත් වෙනස් නොවනු ඇති බව Mette Frederiksen මහත්මිය සඳහන් කළා ය.
මේ අතර ඇමරිකාවේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් හෙට(29) දිනයේදී කොපන්හේගන් හි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
1953 වසර දක්වා ඩෙන්මාර්කයේ යටත් විජිතයක්ව පැවති ග්‍රීන්ලන්තය එම වසරේදීම එහි කොටසක් බවට පත් විය. පසුව 1979 දී ග්‍රීන්ලන්තය ස්වයං පාලනයකට යොමු වුව ද වැඩි පාලන බලතල හිමි කර ගනිමින් ඩෙන්මාර්කය එහි විදේශ සහ ආරක්ෂක කටයුතු සම්බන්ධ අධිකාරීත්වය රඳවා ගෙන ඇත.
More Stories
චීනයේ තායිවාන දූපත ආශ්රිත හමුදා අභ්‍යාස බෙදුම්වාදීන්ට සිදු කරන බරපතල අනතුරු ඇඟවීමක් – චීනය
චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සරය අදයි
චීන ටිබෙට් ප්රශ්නය සම්බන්ධ පොරොන්දු පිළිපදින්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්