බන්ධනාගාර රැඳවියන් 444කට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දී තිබේ.
මොවුන් අතර කාන්තා රැඳවියන් 18 දෙනෙක් ද සිටින බවයි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කරන්නේ.
මැගසින් බන්ධනාගාරයේ 6 දෙනෙක්, අනුරාධපුර බන්ධනාගාරයේ 28 දෙනෙක්, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 83 දෙනෙක් හා කුරුවිට බන්ධනාගාරයේ 35 දෙනෙක් මෙලෙස පොදු සමාව යටතේ නිදහස ලැබූ පිරිස අතර වෙයි.
එමෙන්ම,පල්ලේකැලේ බන්ධනාගාරයේ 54 දෙනෙක්ද,අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 20 දෙනෙක් ද මෙලෙස නිදහස ලබා දී තිබේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ