චීනය කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(8) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
චීනයට එරෙහි තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian මහතා අදාළ ස්ථාවරය පැහැදිලි කළේය.
අයුතු ලෙස ඇමරිකාව තීරුබදු පැනවීම ලෝකයේ ඒ ඒ රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීමක් වන අතර එය ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට ද විරුද්ධ වීමකි. ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය, රෙගුලාසි පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි ලෙස හානි දායක වන අතර, එය ගෝලීය ආර්ථික ස්ථාවරත්වයට දරුණු පහරකි. ඒකපාර්ශ්විකවාදය, ආරක්ෂණවාදය හා ආර්ථිකමය හිරිහැර කිරීම කෙරෙහි ජගත් ප්‍රජාවේ පොදු විරුද්ධත්වය පළ වී ඇති අතර ඇමරිකාවේ එම ක්‍රියාකලාපයට චීනය ද දැඩි ලෙස විරුද්ධ වන බව හෙතෙම ප්‍රකාශ කළේය.
බලපෑම් කිරීම, තර්ජනය කිරීම හා වංචා කිරීම චීනය සමඟ කටයුතු කිරීමේ නිසි ක්‍රමයක් නොවේ. චීනය සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසි පියවර ගනු ඇත. එසේම ඇමරිකාව දෙරටේ හා ජගත් ප්‍රජාවේ ජයග්‍රහණ නොසලකා තීරුබදු යුද්ධ හා වෙළඳ යුද්ධ දියත් කළහොත් චීනය ඊට ප්‍රතිපියවර ගනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසීය.
More Stories
පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්
චීනය හා මැලේසියාව නවීකරණ මාවතේ එක්ව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි–චීන ජනපති
සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට අවධාරණය කරයි