වෙබ් මාධ්‍යවේදී චතුරංග ද අල්විස් 14 වැනිදා දක්වා රිමාන්ඩ්

අධිකරණයට අපහාස කළේ යැයි වන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අභයවික්‍රම මහත්මිය අද (01) නියෝග කර තිබෙනවා.


මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉකුත් මැයි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයට කර තිබූ පැමිණිල්ලකට අනුවයි.

ඔහු ලංකා නිවුස් වෙබ් ඕ ආර් ජී යන වෙබ් අඩවියෙන් නවාස්, කුමුදුනී වික්‍රමසිංහ හා දේවිකා තෙන්නකෝන් යන විනිසුරුවන් අල්ලස් ලබාගෙන ඇති බවට ඇඟවෙන පුවත් පළ කර මින් අධිකරණයට අපහාස කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශය අධිකරණයට දන්වා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (31) පස්වරුවේ ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා අත්අඩංගුවට ගත්තේ බොරලැස්ගමුවේ ඔහු පදිංචිව සිටි නිවසේදී ය.

අල්විස් මහතාට අයත් පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com