චීන-වියට්නාම හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් නිර්මාණය කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමට එක්වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇරයුම් කරයි. හෙතෙම මේ බව සඳහන් කළේ වියට්නාම නිල සංචාරය අතරතුර වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් To Lam මහතා සමග පැවති හමුවකදී ය.
මෙම වසරේ යෙදී තිබෙන වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ 95වන සංවත්සරය, වියට්නාමය නිර්මාණය වීමේ 80වන සංවත්සරය සහ දකුණට නිදහස ලබා ගැනීමේ 50වන සංවත්සරය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන රජයේ සුබ පැතුම් පිරිනමන බව ෂී ජින් පිං මහතා එහිදී පවසා ඇත. එමෙන්ම මෙම වසර චීන-වියට්නාම ද්විපාර්ශ්වික සබඳතා පිහිටුවීමේ 75වන සංවත්සර සහ දෙරට ජනතාව අතර හුවමාරු සබඳතා වසර ලෙස ද සැලකේ.
වියට්නාමයට අනන්‍ය සමාජවාදී මාවතක් ඔස්සේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දෙනු ඇත. ගෙවී ගිය කාලයේ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද, චීන-වියට්නාම දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය ජාතික නිදහස වෙනුවෙන් පෙනී සිට ඇත. එමෙන්ම සමාජවාදී ප්‍රවේශය ඔස්සේ සාර්ථක නවීකරණය දියුණුවක් සාක්ෂාත් කර ගනිමින් සමාජවාදී රටවල් අතර සහයොගීතාවේ ආදර්ශයක් ලෙස ක්‍රියා කර ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. එය ලෝකයට නිශ්චිතභාවයක් ද එක් කර තිබේ.
මෙම නව ඓතිහාසික කේන්ද්‍රස්ථානයේ සිට දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. උසස් දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය, ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව සහ සමීප මහජන සබඳතා මෙන්ම සමීප බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ඇතුළු දෙරට අතර පුළුල් උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ යුතු ව තිබේ. එමගින් චීන-වියට්නාම හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් නිර්මාණය කිරීම සහතික කරනු ඇති අතර එය සමස්ත මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් ගොඩනැඟීමේ කාර්යභාරය සඳහා වඩාත් ශක්තියක් එක් කරනු ඇති බව හෙතෙම පැවසීය.
තනි රුවලක් සහිත කුඩා ඔරුවකට රළු සයුරක පීඩනයට මුහුණ දිය නොහැකි බැවින් සියලු දෙනා එකම නෞකාවක එක්ව කටයුතු කිරීමෙන් පමණක් තිරසර බව සහ දිගුකාලීන සංවර්ධනය අත් කර ගත හැකි බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. වර්තමාන ලෝකයේ ඒකාධිපත්‍ය හැසිරීම් සහ හිරිහැර කිරීම්වලට එක්ව විරුද්ධ වෙමින්, ගෝලීය නිදහස් වෙළඳ පද්ධතියේ සුරක්ෂිතභාවය මෙන්ම කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වය සඳහා එක්ව ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
චීන-වියට්නාම හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් නිර්මාණය කිරීම තවදුරටත් පුළුල් කිරීම සඳහා චීන ජනාධිපතිවරයා මෙහිදී පියවර හයකින් යුතු යෝජනාවක් ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.
ඉන් පළමුවැන්න දෙරට අතර උසස් මට්ටමේ උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා දෙරට පක්ෂ සහ රජයන් අතර සන්නිවේදනය තවදුරටත් පුළුල් කිරීමට යෝජනා කෙරේ. දෙවැන්න ශක්තිමත් ආරක්ෂක පවුරක් නිර්මාණය කිරීමයි. රාජ්‍යතාන්ත්‍රික, ආරක්ෂක සහ මහජන ආරක්ෂාව පිළිබඳ “3+3” උපායමාර්ගික සංවාදයක් අමාත්‍ය මට්ටමින් ක්‍රියාත්මක කිරීම, Lancang-Mekong සහයෝගීතා රාමුව තුළ නෛතිකභාවය ශක්තිමත් කර කලාපීය සාමය ස්ථාපිත කිරීමට මෙමගින් යෝජනා කර ඇත. ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් අන්‍යෝන්‍ය වාසි සහගත සහයේගීතාව ප්‍රවර්ධනය ෂී ජින් පිං මහතාගේ තෙවන යෝජනාවයි. නව බලශක්ති, දුම්රිය සහ මහාමාර්ග, සුහුරු වරාය මෙන්ම කෘත්‍රිම බුද්ධිය වැනි නැඟී එන ක්ෂේත්‍රවල සබඳතා පුළුල් කිරීම මේ යටතේ සිදු වනු ඇත. එමෙන්ම විශාල විභවයක් සහිත චීන වෙළඳපොළ වියට්නාමයට විවෘතව පවතින අතර ආයෝජන සහයෝගීතාවන් ද ශක්තිමත් කෙරේ.
සිව්වැන්න සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික ආදී අංශවල සහයොගීතා ඔස්සේ දෙරට ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමයි. එක්සත් ජාතීන්, ASEAN සහ අනෙකුත් බහුපාර්ශ්ව වේදිකාවලදී සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීම පස්වන පියවරයි. අවසන් වශයෙන් ජනාධිපතිවරයා සාධනීය මට්ටටේ සමුද්‍රීය සහයෝගීතාව පුළුල් කිරීමට යෝජනා කරයි. විශේෂයෙන්ම දකුණු චීන මුහුදේ සාමය ස්ථාපිත කිරීම කඩිනම් කිරීම එහි ප්‍රමුඛ අරමුණක් වනු ඇත.
More Stories
පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්
චීනය හා මැලේසියාව නවීකරණ මාවතේ එක්ව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි–චීන ජනපති
සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට අවධාරණය කරයි