චීනය හා වියට්නාමය එක්ව හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමට කැපවීමෙන් කටයුතු කළ යුතු බව චීන ජනපති කියයි

лªÉçÕÕƬ£¬ºÓÄÚ£¬2025Äê4ÔÂ15ÈÕ 4ÔÂ15ÈÕÉÏÎ磬Öй²ÖÐÑë×ÜÊé¼Ç¡¢¹ú¼ÒÖ÷ϯϰ½üƽÔÚºÓÄÚÖ÷ϯ¸®»á¼ûÔ½ÄϹú¼ÒÖ÷ϯÁºÇ¿¡£ лªÉç¼ÇÕß ÕÅÁì Éã

චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති Luong Cuong මහතා‍ හමු වෙයි. එම හමුව ඊයේ (15) දහවල් වියට්නාමයේ Hanoi නගරයේ ජනාධිපති මන්දිරයේදී සිදු විය.

චීනය හා වියට්නාමය අතර පවතින කැපී පෙනෙන සුහද සහයෝගිතා හා සමාජවාදී ක්‍රමයේ ප්‍රශස්ත ලක්ෂණ ඔස්සේ බාහිර තත්ත්වයන් තුළ මතු ව ඇති අස්ථිරභාවයට දෙරට මුහුණ දිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම සහ දෙරට හා සම්බන්ධ ‘කොරිඩෝ දෙක හා එක් කවය’ යන රාමුව සම්බන්ධ කර ගැනීමේ සහයෝගාත්මක සැළසුම් මනාව ක්‍රියාවට නැංවිය යුතු ය. දුම්රිය, මහ මාර්ග හා ගුවන් සේවා මගින් දෙරටේ සම්බන්ධය  තහවුරු කළ යුතු ව ඇත.

‘ගෝලීය දකුණේ රාජ්‍යයන්’ සඳහා වන ප්‍රබල බලයන් ලෙස චීනය හා වියට්නාමය එක්ව සම්බන්ධීකරණ ශක්තිමක් කළ යුතු බව පැවසූ ෂී ජින්පිං මහතා දේශපාලන දාමරිකවාදය හා ඒකපාර්ශ්වවාදයට විරුද්ධ විය යුතු බව ද පැවසීය. එමෙන් ම, හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීම වෙනුවෙන් දෙරට කැපවීමෙන් කටයුතු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණයෙන් කියා සිටියේය.

තම රටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තුළ චීනය ප්‍රමුඛස්ථානයේ පවතින  බව වියට්නාම ජනාධිපති Luong Cuong මහතා‍ හමුවේදී පැවසීය. වියට්නාමය එකම චීනය යන ප්‍රතිපත්තිය තරයේ ම අනුගමනය කරයි. ඊනියා ‘තායිවාන ස්වාධීනත්වය’ හා සම්බන්ධ බෙදුම්වාදී ක්‍රියාවන්ට වියට්නාමය දැඩි ලෙස විරුද්ධ වෙයි. චීනය සමග එක්ව, රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරු හා ප්‍රායෝගික සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට වියට්නාමය සූදානම් වෙයි. එසේ ම, මතභේද නිසියාකාරයෙන් පාලනය කරමින් සාගර ස්ථාවරත්වය පොදුවේ සුරැකීම වෙනුවෙන් චීනය සමග පියවර ගැනීමට වියට්නාමය කැමැත්තෙන් සිටින බව ද Luong Cuong ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com