චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා හමු වෙයි. ඒ, ප්‍රාදේශීය වේලාවෙන් අද(16) පෙරවරුවේ එරට ජාතික මන්දිරයේදී ය.

චීනය හා මැලේසියාව එකිනෙකාගේ කේන්ද්‍රීය ජයග්‍රහණ හා වැදගත් කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහාය විය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී ඇත. උපායමාර්ගික සම්බන්ධතාව ශක්තිමත් කිරීමෙන් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ ඉටු කරමින් දෙපාර්ශ්වයම එක්ව නවීකරණ මාවතේ ඉදිරියට ගමන් කළ යුතු බව ද ඔහු පැවසීය. ‘චීන-මැලේසියා Qinzhou කර්මාන්ත උද්‍යානය’, ‘මැලේසියා-චීන Kuantan කර්මාන්ත උද්‍යානය’, මැලේසියාවේ නැගෙනහිර වෙරළ දුම්රිය මාර්ගය යනාදී ප්‍රධාන ව්‍යාපෘතීන් මනාව සංවර්ධනය කළ යුතුය. එමෙන්ම මැලේසියාවේ උසස් තත්ත්වයේ කෘෂි නිෂ්පාදිතයන් වඩාත් වැඩියෙන් චීන වෙළඳපොල වෙත යොමු කිරීමට ද අවස්ථාව ලබා දෙනු ඇත. චීන මැලේසියා සම්බන්ධතාවයේ තිරසර සංවර්ධනය සඳහා තමා Ibrahim Sultan Iskandar මහතා සමග එක්ව පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ චීන-මැලේසියා ප්‍රජාවක් ගොඩනගමින් දෙරට සම්බන්ධතාවයේ තවත් ස්වර්ණමය දශක පහක් නිර්මාණය කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
චීනය සමග පවතින සම්බන්ධතාවය තම රට බෙහෙවින් වැදගත් කොට සලකන බව Ibrahim Sultan Iskandar මහතා ප්‍රකාශ කර ඇත. කලාපීය ආර්ථික ඒකීයකරණයට අවධානය යොමු කරන මැලේසියාව, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට ස්ථිරව සහාය වේ. මෑතකදී පැවැත්වූ අසල්වැසි රටවලට සම්බන්ධ කටයුතු පිළිබඳ චීන මධ්‍යම රැස්වීම මෙන් ගෝලීය හා කලාපීය අභියෝගවලට මුහුණ දීමේදී චීනය ඉටු කරන වැදගත් කාර්යභාරය ඇගයීමට ලක් කළ යුතු බව ඔහු කියා සිටී. ආසියාන් සංගමයේ වාරික සභාපති රට හා ආසියාන්-චීන සම්බන්ධතා සම්බන්ධීකරණ රට වශයෙන් මැලේසියාව, දෙපාර්ශ්වය අතර සම්බන්ධතාවයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් ලබා ගෙන සාමකාමී සමෘද්ධිමත් අනාගතයක් පොදුවේ ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමෙහි නියැලී සිටින බව ද Ibrahim Sultan Iskandar මහතා එහිදී අවධාරණය කර ඇත.
එම හමුවෙන් අනතුරුව Ibrahim Sultan Iskandar මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පිළිගැනීමේ භෝජන සංග්‍රහයට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක් විය.


More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්