චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මැලේසියානු අගමැතිAnwar Ibrahim මහතා සමඟ සාකච්ඡා පවත්වයි. එම හමුව ඊයේ (16) පස්වරුවේ Putrajaya හි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පැවැත්විණ.
පසුගිය වසරේ දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරූ අතර ඉදිරි වසර 50 තුළ ඉහළ මට්ටමේ උපාය මාර්ගික පොදු ඉරණමක් සහිත චීන-මැලේසියා ප්‍රජාවක් ගොඩනැගීමට දෙපාර්ශ්වය ක්‍රියා කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් හෙතෙම යෝජනා තුනක් ඉදිරිපත් කළේය.එහි පළමුවැන්න උපායමාර්ගික ස්වයං පාලනයක් සහ ඉහළ මට්ටමේ උපායමාර්ගික සහයෝගීතාවක් පවත්වා ගැනීමය. දෙවැන්න සංවර්ධන ප්රයත්නයන් එකතු කිරීම සහ උසස් තත්ත්වයේ සංවර්ධන සහයෝගීතාව සඳහා මිණුම් ලකුණක් නිර්මාණය කිරීමය. තෙවනුව පාරම්පරික මිත්‍රත්වය උරුම කර ගැනීම සහ ශිෂ්ටාචාර අතර හුවමාරු ගැඹුරු කිරීම ය. චීන-ආසියාන් සංගම් නිදහස් වෙළඳ කලාපය උත්ශ්‍රේණි ගත කිරීමේ ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කිරීම සඳහා කලාපීය රටවල් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

දිගු කලක් පුරා මැලේසියාවට අවංකව උදව් කරන චීනය මැලේසියාවේ විශ්වාසවන්ත මිතුරෙකු බව Anwar Ibrahim මහතා එහිදී පැවසීය. චීනයට විශාල සංවර්ධන ජයග්‍රහණ අත්පත් කර ගැනීමට නායකත්වය දුන් ෂි ජින් පිං මහතා ලොව කැපී පෙනෙන නායකයෙකු බව අග්‍රමාත්‍යවරයා පැවසීය. මැලේසියාව එකම චීනය ප්‍රතිපත්තියට තදින්ම අනුගත වන අතර කිසිදු “තායිවාන බෙදුම්වාදී” ක්‍රියාකාරකමක් සඳහා සහාය නොදක්වයි. ආසියාන් සංගමය ඒකපාර්ශ්විකව අතිරේක තීරු බදු පැනවීමකට එකඟ නොවනු ඇත. ආසියාන් සංගමයේ වාරික සභාපති රට සහ ආසියාන් සංගම්-චීන සබඳතා සදහා වන සම්බන්ධීකරණ රට ලෙස මැලේසියාව ආසියාන් සංගම්-චීන සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරන බව ද Anwar Ibrahim මහතා එහිදී පැවසීය.

සාකච්ඡාවලින් අනතුරුව චීනය සහ මැලේසියාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතා ලිපි ලේඛන 30කට අධික සංඛ්‍යාවක් හුවමාරු කර ගැනීමේ අවස්ථාවට නායක දෙපළ එක් වූහ. එමෙන්ම, දෙපාර්ශ්වය “ඉහළ මට්ටමේ උපාය මාර්ගික පොදු ඉරණමක් සහිත චීන-මැලේසියා ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ මැලේසියාව අතර ඒකාබද්ධ ප්‍රකාශය” ද නිකුත් කළහ.


More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි
විදෙස් ඇසින් චීනය දකින්නට ඉඩ සැලසෙන චීන මාධ්‍ය සමූහයේ 05 වැනි විදේශ විඩියෝ ප්‍රදර්ශන උළෙල ඇරඹේ