චීනය හා මැලේසියාව එක්ව ඒකපාර්ශ්වීය හා ආරක්ෂණවාදී අවහිරතා අභිබවා ආසියාවේ සුන්දර අනාගතය ආරක්ෂා කළ යුතුය– චීන ජනපති

මැලේසියාවේ නිල සංචාරයක නිරත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(16) Putrajaya නගරයේ දී එරට අග්‍රාමාත්‍ය Anwar Ibrahim මහතාගේ පිළිගැනීමේ‍ භෝජන සංග්‍රහයට එක් විය.

චීන-මැලේසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවා ගෙවී ගිය වසර 50කට වැඩි කාලය තුළ දෙරට සබඳතාව ස්ථීර මෙන්ම යහපත් ලෙස වර්ධනය වෙමින් පවතින බව ෂී ජින්පිං මහතා එහිදී දේශනයක් සිදු කරමින් පැවසීය. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය හා ගරු කිරීම, අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය, සංස්කෘතික අන්‍යෝන්‍ය අධ්‍යයනය සහිත එම සමීප සබඳතාවෙන් දෙරට ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලැබී තිබේ. වත්මන් ජාත්‍යන්තර පටිපාටිය හා ආර්ථීක ගෝලීයකරණය තර්ජනයට ලක්ව ඇති මොහොතේ, දෙරට කලාපයේ අන් රටවල් සමග එක්ව කටයුතු කළ යුතු ය. භූ දේශපාලන හා බාහිර බලවේගවල මැදිහත්වීමට පොදුවේ ප්‍රතිචාර දක්වමින් ඒකපාර්ශ්වීය හා ආරක්ෂණවාදී අවහිරතා අභිබවා ආසියාවේ සුන්දර අනාගතය ආරක්ෂා කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

මැලේසියාව සමග උසස් මට්ටමේ උපායමාර්ගික සහයෝගීතාවෙන් පොදු ඉරණමක් සහිත චීන-මැලේසියා ප්‍රජාව එක්ව ගොඩනගමින් දෙරට සබඳතාව තුළ නව ස්වර්ණමය පනස් වසරක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි චීනයේ අපේක්ෂාවයි. ඉන් ගෝලීය දකුණ වෙනුවෙන් එකමුතුව සහ සහයෝගිතා පැවැත්වීමේ මනා ආදර්ශයක් ස්ථාපිත කරමින්, කලාපීය හා ලෝක සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට වඩාත් දැවැන්ත දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com