ඇමරිකාවේ තීරුබදු සටනේ දී චීනය පසු නොබසින නමුත් සාකච්ඡා සඳහා සැමවිටම විවෘතයි

ඇමරිකානු ජනාධිපති Donald Trump මෑතකදී පෙන්වා දුන්නේ, චීනය සමග සාකච්ඡා කිරීමේදී ඇමරිකාව දැඩි ස්ථාවරයක් නොගන්නා බවයි. චීනය ඇමරිකාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත් එසේ නොවුණහොත් ඇමරිකාව සමග වෙළෙඳ ගනුදෙනු කළ නොහැකි වනු ඇති බවත් පවසන එරට ජනපතිවරයා අවධාරණය කර සිටින්නේ, ඇමරිකාව යනු නීති රීති සකසන පාර්ශ්වය බවයි.

එසේම ඇමරිකානු මුදල් ඇමති Scott Bessent පෙන්වා දුන්නේ,  චීනයෙන් වෙන් වීම ඇමරිකානු ඉලක්කය නොවන බවයි. පවතින ගැටළු සම්බන්ධයෙන් වසර දෙක තුනක් තුළ දෙරට අතර පුළුල් එකඟතාවකට පැමිණිය හැකි බව ඔහු පැවසීය.

ඇමරිකානු පාර්ශ්වයේ ප්‍රකාශයන්ට එරෙහිව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා සඳහන් කළේ, ඇමරිකාව විසින් දියත් කරන ලද තීරුබදු යුද්ධය සම්බන්ධයෙන්, චීනයේ ආකල්පය ඉතා පැහැදිලි වන බවයි. ඒ, සටන් කිරීමට අවශ්‍ය නම්, චීනය කිසි විටෙකත් පසු නොබසින නමුත් සාකච්ඡා සඳහා එකඟ වන්නේ නම්, චීනය සිය දොරටු විවෘත කරනු ඇති බවය.

ඇමරිකාවට සැබැවින්ම සංවාදය සහ සාකච්ඡා මගින් ගැටලු විසඳීමට අවශ්‍ය නම්, තර්ජනය කිරීම සහ අනිසි බල කිරීම නතර කළ යුතු ය. සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ යහපත් යන පදනම් මත, ඇමරිකාව චීනය සමග සංවාදය සිදු කළ යුතු බව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com