ඒකපාර්ශ්වික හිරිහැරයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී චීනයෙන් ප්‍රබල විරෝධය

“ජාත්‍යන්තර සබඳතා කෙරෙහි ඒකපාර්ශ්විකත්වයේ බාධා කිරීම්වල බලපෑම” මැයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ Arria-formula රැස්වීම චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඊයේ (23) පැවති එම රැස්වීමට 80කට අධික රටවල් සංඛ්‍යාවක් සහභාගි වී ඇත.

“සාධාරණත්වය” මුවාවෙන් ඇමරිකාව සැබැවින්ම සිදු කරන්නේ අනිසි තීරුබදු ප්‍රතිපත්ති මගින් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙල යටපත් කිරීම සහ ‍තම ආධිපත්‍ය අවශ්‍යතා වෙනුවෙන් සෙසු රටවල අවශ්‍යතාවන්ට හානි කිරීම බව Fu Cong මහතා එම රැස්වීමේදී පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ප්‍රජාව ඒකාබද්ධව හඬ නංගා ඊට එරෙහි ප්‍රතිපියවර ගත යුතු බව ඔහු අවධාරණය කර ඇත.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස, චීනයේ විශාල වෙළඳපොල සෑම විටම ලෝකයට විවෘත වන අතර, ‍විවිධ රටවල් සමඟ අත්වැල් බැඳගනිමින් සංවර්ධනයට එක් වීම, චීනය සාදරයෙන් පිළිගන්නා බව ඔහු කීය. එමෙන්ම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස, ඇමරිකාවේ අනිසි තීරුබදු ප්‍රතිපත්ති හමුවේ, චීනය දක්වා ඇති කඩිනම් ප්‍රතිචාර රටේ අවශ්‍යතා ආරක්ෂා කිරීමක් පමණක් නොව, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අවශ්‍යතා සුරැකීමක් බව ද Fu Cong මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com