දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට මාර්ගගතව දේශනයක් සිදු කරයි.

මෙම වසර පැරිස් ගිවිසුම අත්සන් තැබීමේ 10 වන සංවත්සරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය බව ඊයේ(23) සිදු කළ දේශනයේ දී ෂී ජින් පිං මහතා සඳහන් කළේය. දැඩි විශ්වාසය සහිතව එකමුතුවෙන් සහයෝගීතා පැවැත්වීම ශක්තිමත් කිරීමෙන් බාධා අභිබවා ගෝලීය දේශගුණ පාලනය සහ සියලු ප්‍රගතිශීලී කාර්යයන් යහපත් ලෙස ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

බහුපාර්ශ්වවාදය ආරක්ෂා කළ යුතු ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා ‍ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර නීතිය පදනම් වන ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කරමින් බහුපාර්ශ්වික පාලනයෙන් දේශගුණ විපර්යාසයට පොදුවේ ප්‍රතිචාර දැක්විය යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර සහයෝගීතා ගැඹුරු කළ යුතු ය. විවෘතභාවය සහ වෙනස්කම් පිළිගැනීම ඔස්සේ මතභේද හා ගැටළු ඉක්මවා යමින් සහයෝගීතාවය තුළින් තාක්ෂණික නවෝත්පාදන සහ කාර්මික පරිවර්තනය ප්‍රවර්ධනය කෙරේ. දකුණු-දකුණු සහයෝගීතාව පුළුල් කරන චීනය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලට අඛණ්ඩව හැකි තරම් සහාය ලබා දෙනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

යුක්ති සංක්‍රාන්තිය ප්‍රවර්ධනය කළ යුතු ය. සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර සහ සහාය ලබා දීමට, ගෝලීය හරිත හා අඩු කාබන් පරිවර්තනයට පහසුකම් සැලසීමට සංවර්ධිත රටවල් ක්‍රියා කළ යුතු ය. ඉන් සියලු රටවල ජනතාවගේ පොදු සහ දිගුකාලීන සුභසෙත වැඩිදියුණු කළ හැකි ය.

එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු ය. ආර්ථික සංවර්ධනය සහ බලශක්ති පරිවර්තනය මත පදනම් වන ජාතික ස්වාධීන දායකත්ව ක්‍රියාකාරී වැඩසටහනක් සකස් කිරීමට සියලු පාර්ශවයන් උපරිම උත්සාහයක් ගත යුතුය. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ Belem සමුළුවට පෙර චීනය  සමස්ත ආර්ථිකය සහ සියලු හරිතාගාර වායු ආවරණය වන 2035 වසරේ ජාතික ස්වාධීන දායකත්ව ඉලක්කය ප්‍රකාශයට පත් කරනු ඇති බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

වසර පහකට පෙර උපරිම කාබන් විමෝචනය සහ කාබන් වි‍මෝචන සමතුලිතතාව පිළිබඳ ඉලක්ක ඉදිරිපත් කිරීමේ සිට මේ වනවිට චීනය ලොව විශාලතම මෙන්ම වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති පද්ධතිය ගොඩනගා ඇති අතර, ලොව විශාලතම මෙන්ම පරිපූර්ණම නව බලශක්ති කර්මාන්ත දාමය ස්ථාපිත කර ඇත. සිය වගකීම් භාර ගෙන එකමුතුවෙන් සහයෝගිතා පවත්වමින් පිරිසිඳු, සුන්දර මෙන්ම තිරසර ලෝකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com